ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
18. කුමුද වග්ග
9. තිකිච්ඡක ථෙරාපදානය
’’මම බන්‍ධුවතී නගරයෙහි රෝගීවූ දුඃඛිත මහජනයාට සුව ගෙන දෙන්නාවූ (වෛද්‍ය ශාස්ත්‍රයෙහි) මැනවින් හික්මුණු වෛද්‍යවරයෙක් වීමි.
’’එකල්හි සිත්වත්වූ මහත් බල ඇති රෝගීවූ ශ්‍රමණයන් වහන්සේ නමක් දැක පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ බෙහෙතක් දුනිමි.
’’විපස්සී බුදුරජාණන්ගේ උපස්ථායකවූ අසොක නම්වූ සන්හුන් ඉඳුරන් ඇති ඒ ශ්‍රමණයන් වහන්සේ එම බෙහෙතින්ම නීරෝගී විය.
’’මම මින් එක් අනූවන කපෙහි යම් ඖෂධයක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බෙහෙත් දනෙහි මේ විපාකයයි.
’’මින් එක් අට වෙනි කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සබ්බොසධ නම්වූ සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිකිච්ඡක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තිකිච්ඡකත්ථෙරස්සාපදානං නවමං.