ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
18. කුමුද වග්ග
8. මණි පූජක ථෙරාපදානය
’’හිමවත මෑත පෙදෙසෙහි (එක්) නදියෙක් (ගලාබසිමින්) පැවතුනේය. එකල්හි එම ගංඉවුර සමීපයෙහි (පදුමුත්තර) බුදුරජාණන් වහන්සේ වැඩ වසන සේක.
’’මැනවින් විසිතුරු කරණ ලද මනරම්වූ මිණි පළඟක් ගෙන පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ බුදුරජුන්හට පිදීමි.
’’මින් සිව් අනුවන කපෙහි යම් මිණි පළඟක් පිදූයෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙක මේ විපාකයයි.
’’මින් දොළොස්වන කපෙහි මහත් බල ඇති සතරංසි නම්වූ අට සක්විති රජ කෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මණි පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
මණිපූජකත්ථෙරස්සාපදානං අට්ඨමං.