ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
18. කුමුද වග්ග
2. නිස්සෙනිදායක ථෙරාපදානය
’’ලොවට දෙටුවූ තාදී ගුණ ඇති කොණ්ඩඤ්ඤ භාග්‍යවතුන් වහන්සේට ප්‍රාසාදයට නැගීම සඳහා මා විසින් හිණිමගත් කරණ ලදී.
’’එම චිත්තප්‍රසාදය කරණකොටගෙන සම්‍යක් ආනුභාව ඇති සම්බුදු සසුනෙහි අන්තිම සිරුර දරමි.
’’එක්තිස්දහස්වන කපෙහි මහත් බල ඇති සම්බහුල නම් තුන් සක්විති රජකෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නිස්සෙනිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
නිස්සෙණිදායකත්ථෙරස්සාපදානං දුතියං.