ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
18. කුමුද වග්ග
3. රත්තිපුප්පිය ථෙරාපදානය
’’මම පෙර මහ වෙනෙහි (හැසිරෙන) මුව වැද්දෙක් වීමි. (එකල්හි) දෙවියනට දෙවිවූ නරශ්‍රේෂ්ඨවූ විපස්සී බුදුරජුන් දිටිමි.
’’පිපුණු රත්තික ගසක්ද, කෙලින්ද ගසක්ද දැක (එම මල්) නටු සහිතවම (කඩා) ගෙන බුදුරජුන්හට පිදීමි.
’’මින් එක් අනුවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
’’මින් අටවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සුප්පසන්න නම් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් රත්තිපුප්පිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
රත්තිපුප්ඵියත්ථෙරස්සාපදානං තතියං.