ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
17. සුපාරිචරිය වග්ග
7. යූථිකා පුප්පිය ථෙරාපදානය
’’මම චන්‍ද්‍රභාගා ගංතෙර පහළ ගමන් කරමින් එහිදීි පිපුණු සල් රුකක් වැනි බුදුරජුන් දිටිමි.
’’මම සීනිද්ද මලක් ගෙන මහා මුනිවූ බුදුරජුන් වෙත එළඹියෙමි. පහන් සිත් ඇත්තෝ සොම්නස්වුයේ (එය) බුදුරජුන්හට පිදීමි.
’’මින් සිව්අනූවන කපෙහි යම් බුද්ධ පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මින් සත් සැටවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සමුධර නම් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් යූථිකා පුප්පිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
යූථිකපුප්ඵියත්ථෙරස්සාපදානං සත්තමං.