ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

17. සුපාරිචරිය වග්ග

6. සප්පිදායක ථෙරාපදානය

’’ලෝවැස්සන්ගේ පූජාවන් පිළිගැනීමට සුදුසුවූ, මහාවීරවූ, ඵුස්ස නම් භාග්‍යවත් තෙමේ මහජනයා (කෙළෙස් ගින්නෙන්) නිවමින් වීථියෙහි වඩින සේක.

’’පිළිවෙළින් භාග්‍යවත් තෙමේ මා වෙතට පැමිණි සේක. ඉක්බිති මම පාත්‍රය පිළිගෙන ගිතෙල් පුරවා දුනිමි.

’’මින් දෙනූවන කපෙහි වු එකල්හි යම් ගිතෙල් දනක් දුනිම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ගිතෙල් දනෙහි මේ විපාකයයි.

’’මින් සපණස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සමොදක නම් සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සප්පිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සප්පිදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.