ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

17. සුපාරිචරිය වග්ග

5. කණිකාරඡදනීය ථෙරාපදානය

’’ලෝකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, සියල්ල මැනවින් දත් වෙස්සභූ සර්‍වඥ තෙමේ දිවා විහරණය පිණිස මහා වනයට පිවිසි සේක.

’’එකල්හි මම කිණිහිරි (මල්) නෙලා ඡත්‍රයක් කොට මල් සෙවනියක් කොට බුදුන්හට පිදීමි.

’’මින් එක්තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් විසිවෙනි කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සොණ්ණාහා නම් සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කණිකාරඡදනීය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

කණිකාරඡත්තියත්ථෙරස්සාපදානං පඤ්චමං.