ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
17. සුපාරිචරිය වග්ග
2. කණවෙර පුප්ඵිය ථෙරාපදානය
’’ලෝකජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, සිද්‍ධාර්ත්‍ථ නම් භාග්‍යවතුන් වහන්සේ ශ්‍රාවකයන් විසින් පිරිවරණ ලදුයේ නගරයට පිළිපන් සේක.
’’මම එකල්හි රජුගේ සම්මතවූ අන්තඃපුර පාලකයා වීමි. පහයෙහි හුන් මම (එම) ලෝකනායකයන් වහන්සේ දුටිමි.
’’කණවෙර මල් ගෙන භික්‍ෂු සංඝයා කෙරෙහි ඉස්සෙමි. බුදුරජුන්හට වෙන්කොට ඉන් වඩාත් (එම මල්) විසිරවීමි.
’’මින් සිව් අනුවන කපෙහි යම් පුෂ්ප පූජාවක් කරණ ලදද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුෂ්ප පූජාවෙහි මේ විපාකයයි.
’’මින් සත් අසුවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති මහිද්‍ධික නම් සිව් සක්විති රජ කෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කණවෙර පුප්පිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
කණවෙරපුප්ඵියත්ථෙරස්සාපදානං දුතියං.