ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
17. සුපාරිචරිය වග්ග
1. සුපාරිචරිය ථෙරාපදානය
’’විපදෝත්තමවූ, පසැස් ඇති නම්න් පදුම නම් (පදුමුත්තර) සර්‍වඥ තෙමේ වැඩ වෙසෙන වෙහෙරින් නික්ම (අවුත්) දහම් දෙසූහ.
’’බුදුරජුන් වැඩ (සිටි තැනට) නුදුරෙහි දේව සමාගමක් විය. එකෙණෙහි යම් කරුණකින් එහි පැමිණියෝ (බුදුරජුන්) දකිනු කැමැත්තෝ වූහ.
’’අමෘත දේශකවූ බුදුරජුන්ගේ දෙසුම් හඬ දැන පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ, අත්පොළසන්දී එළඹියෙමි.
’’ශාස්තෲන් වහන්සේ වෙත එළඹීම් වශයෙන් රැස්කළ පුණ්‍යකර්‍මයාගේ විපාකය බලනු මැනව. මම තිස් දහස් කපක් මුළුල්ලෙහි දුගතියක නොඉපදුනිමි.
’’දෙදහස් විසිනවවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති සමලඞ්කත නම් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුපාරිචරිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සුපාරිචරියත්ථෙරස්සාපදානං පඨමං.