ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

16. බන්ධු ජීවක වග්ග

10. කුමුදුදායක ථෙරාපදානය

’’හිමවතට නුදුරෙහි හෙල පියුම් හා උපුල්වලින් ගැවසීගත් රත් පියුමින් සම්පූර්‍ණවූ මහත්වූ ස්වයංජාත විලක් විය.

’’එකල්හි එහි සිල්වත්වූ, බුද්ධිමත්වූ, කුසල් අකුසල් මේ මේ යයි දැනගැනීමෙහි දක්‍ෂවූ මම එහි කුකුත්‍ථක පක්‍ෂියෙක් වීමි.

’’ලෝකයාගේ පූජාවන් පිළිගැනීමට සුදුසුවූ නොහොත් පූජාවන් (රැස්වන) ගෙයක් වැනිවූ, මහාමුනිවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේ (එම) ස්වයංජාත විලට නුදුරෙහි සක්මනෙහි යෙදුනු සේක.

’’ජලයෙහි හටගන්නාවූ කුමුදු මලක් කඩා බුදුරජුන් වෙත ගෙන ගියෙමි. මහාමුනිවූ සර්වඥතෙමේ මාගේ අදහස දැන එය පිළිගත් සේක.

’’එම දන දී කුශල මූලයෙන් මෙහෙයන ලද මම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක නොඉපදුනිමි.

’’මින් එක් දහස් හය සියවන කපෙහි මහත් බල ඇති වරුණ නම් අට සක්විති රජ කෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කුමුදුදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

කුමුදදායකත්ථෙරස්සාපදානං දසමං.

බන්ධුජීවකවග්ගො සොළසමො.