ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

16. බන්ධු ජීවක වග්ග

9. පුන්නාහපුප්ඵිය ථෙරාපදානය

’’වැද්දෙකු වූ මම මහා වනයට පිවිස වෙසෙමි. පිපුණු දොඹ ගසක් දැක බුද්ධශ්‍රේෂ්ඨයන් වහන්සේ සිහි කෙළෙමි.

’’එම සුවඳ මල් නෙලා සුභවූ, සුවඳවත්වූ මල් වැල්ලෙහි සෑයක් කොට බුදුරදුන්හට පිදීමි.

’’මින් දෙයානූවන කපෙහි මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.

’’එක් අනූවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති තමොනුද නම් එක් සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පුන්නාහපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පුන්නාගපුප්ඵියත්ථෙරස්සාපදානං නවමං.