ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

16. බන්ධු ජීවක වග්ග

8. නාගපුප්ඵිය ථෙරාපදානය

’’මන්ත්‍රයන්හි පරතෙරෙට ගිය නම්න් සවච්ඡ නම්වූ බමුණෙක් ස්වකීය ශිෂ්‍යයන් සමග පර්වතාන්තරයෙහි වෙසෙයි.

’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ පදුමුත්තර නම් ඒ සර්‍වඥ තෙමේ මා (සසර සයුරින්) ගොඩනගනු කැමැත්තේ මා සමීපයට පැමිණිසේක.

’’(පැමිණ) සක්මන් කරයි. දුවයි. එසේම ඇවිලෙයි. (එසේකොට) මාගේ සතුට දැන ප්‍රාචීන දේශාභිමුඛව වැඩිසේක.

’’විෂ්මයජනක, ලොමු දැහැගන්නාවූ එම ආශ්චර්‍ය්‍ය දැක නාමල් ගෙන,

’’මින් සියක් දහස්වන කපෙහි මම යම් මල් විසිරවීමක් කෙළෙම්ද, එම චිත්ත ප්‍රසාදය කරණකොටගෙන මම දුගතියක නොඉපදුනෙමි.

’’තුන්දහස් සත් සියවන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති මහාරථ නම් සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් නාගපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

නාගපුප්ඵියත්ථෙරස්සාපදානං අට්ඨමං.