ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
16. බන්ධු ජීවක වග්ග
7. තිණසුලක ථෙරාපදානය
’’හිමවතට නුදුරෙහි භූතගණ නම් පර්වතයක් විය. එහි සියල්ල තෙමේම දැන ගත් ලොව හා නොගැටුණු එක් (සිඛී නම්) සර්‍වඥවරයෙක් වැඩ වෙසෙති.
’’බෝලිද්ද මල් ගෙන (එම) බුදුරජුන්හට පිදීමි. (ඒ හේතුවෙන්) එකුන් සියක් දහස් කපක් මුලුල්ලෙහි දුගතියකට නොගියේ වෙමි.
’’මින් එකොලොස්වන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති ධරණීරුග නම් එක් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිණසුලක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තිණසූලකත්ථෙරස්සාපදානං සත්තමං.