ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

16. බන්ධු ජීවක වග්ග

6. කදම්බ පුප්ඵිය ථෙරාපදානය

’’හිමවතට නුදුරෙහි කුක්කුට නම් පර්වතයක් විය. එම පර්‍වත පාදයෙහි (පසේ) බුදුවරු සත්නමක් වෙසෙත්.

’’උඩට නැංගාවූ සඳු වැනිව (බබළන) පිපුනු කොළොම් ගසක් දැක (මල්) දොහොතින් ගෙන සත් පසේබුදුවරයන් කෙරෙහි පිදීමි.

’’මින් අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් දෙඅනූවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති පුප්ඵ නම්වු සත් සක්විති රජ කෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කදම්බ පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

කදම්බපුප්ඵියත්ථෙරස්සාපදානං ඡට්ඨං.