ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
16. බන්ධු ජීවක වග්ග
5. මන්දාරව පූජක ථෙරාපදානය
’’දිව්‍යපුත්‍රයෙකුවූ මම සිඛී බුදුරජුන් පිදීමි. මදාරා මලක්ද ගෙන (එම) බුදුරජුන්හට පිදීමි.
’’සත් දිනක් මුළුල්ලෙහිම තථාගතයන් කෙරෙහි (එය) දිව්‍යමය වියනක් විය. සියලු ජනයෝ එක්ව තථාගතයන් වහන්සේට නමස්කාර කළාහුය.
’’මින් එක්තිස්වන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මින් දසවෙනි කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති ජුතින්‍ධර නම් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මන්දාරව පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
මන්දාරවපුප්ඵපූජකත්ථෙරස්සාපදානං පඤ්චමං.