ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
16. බන්ධු ජීවක වග්ග
4. කක්කාරු පූජක ථෙරාපදානය
’’දිව්‍යපුත්‍රයෙකුවූ මම සිඛී බුදුරජුන් පිදීමි. කැකිරි මලක්ද ගෙන (එම) බුදුරජුන්හට පිදීමි.
’’මින් එක්තිස්වන කපෙහි යම් මලක් පිදුයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මින් නවවන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති සත්තුත්තම නම් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් කක්කාරු පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
කක්කාරුපුප්ඵපූජකත්ථෙරස්සාපදානං චතුත්ථං.