ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
16. බන්ධු ජීවක වග්ග
3. විථිසම්මජ්ජක ථෙරාපදානය
’’උදාවන්නාවූ සූර්ය්යයා මෙන්ද, (උදාවූ) අතිශයින් දීප්ති රැස් ඇති හිරු මෙන්ද, පුණු රැස් සඳ මෙන්ද, නික්මෙන්නාවූ බුදුරජුන් දිටිමි.
’’අට සැට දහසක්වු සියල්ලෝ ක්ෂීණාශ්රවයෝ වූහ. (ඔවුහු) විපදෝත්තමවූ, නරශ්රේෂ්ඨවූ බුදුරජුන් පිරිවැරූහ.
’’බුදුරජුන් නික්මෙන කල්හි (මම) එම වීථිය හැමද එහි පිරිසිදු ධජයක් එසවීමි.
’’මින් එක් අනූවන කපෙහි යම් ධජයක් පිදූයෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ධජ දානයාගේ මේ විපාකයයි.
’’මින් සිව්වන කපෙහි සර්වාකාරයෙන් සම්පූර්ණවූ සුධජයයි ප්රසිද්ධ රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්ෂයෝද, ෂඩභිඥාවෝද සාක්ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් විථිසම්මජ්ජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
වීථිසම්මජ්ජකත්ථෙරස්සාපදානං තතියං.