ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
17. සුපාරිචරිය වග්ග
3. ඛජ්ජදායක ථෙරාපදානය
’’මම පෙර තිස්ස බුදුරජාණන් වහන්සේට පොල්ද (ඛ්‍යාද්‍යසම්මත කැවුම් ආදී) කැවිලිද දුනිමි.
’’මම මහර්ෂීවූ තිස්ස බුදුරජාණන් වහන්සේට එය දී කැමති දෙයක් කරණ සුළු වූයේ (එසෙම) අභිමත යමක් ලබන්නේ සතුටුවෙමි.
’’මින් දෙඅනූවන කපෙහිවූ එකල්හි යම් දනක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. (නාලිකෙර) පල දානයාගේ මේ විපාකයයි.
’’මින් තෙළෙස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති ඉන්ද නම් සක්විති රජෙක් විය.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඛජ්ජදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ඛජ්ජකදායකත්ථෙරස්සාපදානං තතියං.