ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
15. ඡත්ත වග්ග
10. පල්ලඞ්කදායක ථෙරාපදානය
’’ලෝක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ, තාදී ගුණ ඇති සුමේධ භාග්‍යවතුන් වහන්සේට උඩුවියන් (තේන්දය) සහිත ඇතිරිළි සහිත පළහක් (පුටුවක්) මා විසින් දෙන ලදී.
’’එකල්හි එය සත්රුවනින් යුත් පළඟක් විය. මාගේ අදහස දැන (ඒ අනුව) හැම කල්හි මට එබඳු (පර්‍ය්‍යංක) උපදියි.
’’තිස් දහස්වන කපෙහි වූ එකල්හි (යම්) පළඟක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’විස් දහස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති සුවණ්ණ නාභ නම් තුන් සක්විති රජකෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පල්ලඞ්කදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පල්ලඞ්කදායකත්ථෙරස්සාපදානං දසමං.
ඡත්තවග්ගො පන්නරසමො.