ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
15. ඡත්ත වග්ග
9. වටං සකිය ථෙරාපදානය
’’සියල්ල තෙමේම දත්තාවූ පස්මරුන් දිනූ නම්න් සුමේධ නම්වූ (සර්‍වඥ තෙම) විවේක සුව වඩනුයේ මහ වනයට පිවිසි සේක.
’’පිපුනු සල්ල ගසක් දැක හිස් පළඳින මාලාවක් සේ ගොතා ලෝක නායකයන් වහන්සේ ඉදිරියෙහි (එම) බුදුරජාණන් වහන්සේටම පිදීමි.
’’තිස් දහසක් වන කපෙහි යම් මලක් පිදූයෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’එක් දහස් නවසියවන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති නිම්මිත නම්වූ සොලොස් සක්විති රජෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් වටං සකිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
වටංසකියත්ථෙරස්සාපදානං නවමං.