ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
15. ඡත්ත වග්ග
8. ඵලදායක ථෙරාපදානය
’’පෙර වඩු කමෙහි මැනවින් හික්මුණු රිය සදන්නෙකු වීමි. (මම) සඳුන් ලෑලිකොට, ලෝකබන්‍ධුවූ බුදුරජාණන් වහන්සේට දුනිමි.
’’රනින් නිමවන ලද මේ විමන බබළයි. හස්තියානද, අශ්වයානද, දිව්‍යමයයානද එළඹ සිටියේ වෙයි.
’’ප්‍රාසාදයෝද සිවිකාවෝ (දෝලාවෝ) යන යමක් කැමැති වේ නම් (ඒවා) උපදිත්. මාගේ රුවන් නිශ්චලය (නැති නොවේ.) (සඳුන්) පවුරු දීමෙහි මේ විපාකයයි.
’’මම මින් එක් අනූවන කපෙහි යම් පුවරු දනක් දුනිම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. පුවරු දනෙහි මේ විපාකයයි.
’’සත්පණස්වන කපෙහි සත් රුවනින් යුත් මහත් බල ඇති නිම්මිත නම් සිව් සක්විති රජකෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ඵලදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ඵලකදායකත්ථෙරස්සාපදානං අට්ඨමං.