ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
15. ඡත්ත වග්ග
7. මග්ගදායක ථෙරාපදානය
’’පසැස් අති බුදුරජ තෙම ගඟකින් එතරව වනයට යයි. මම උතුම් ලකුණු ඇති එම සිද්‍ධාර්ත්‍ථ නම් සම්බුදු රජුන් දිටිමි.
’’උදැල්ල හා කූඩයද ගෙත ඒ මග සමකොට ශාස්තෲන් වහන්සේ වැඳ, සිත පැහැදවීමි.
’’මින් සිව් අනූවන කපෙහිවූ එකල්හි යම් කර්‍මයක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. මාර්‍ග ඥානයාගේ මේ විපාකයයි.
’’සත් පණස්වන කපෙහි ජනාධිපතිවූ නම්න් සුප්පබුද්‍ධ නම්වූ නරශ්‍රේෂ්ඨ එක් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මග්ගදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
මග්ගදායකත්ථෙරස්සාපදානං සත්තමං.