ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

15. ඡත්ත වග්ග

6. අනුලේපදායක ථෙරාපදානය

’’මම අනොමදස්සී බුදුරජාණන් වහන්සේගේ බෝධියට (පරිමණ්ඩලවූ) වේදිකාවක් කරවීමි. (එසේම) මම සුණු පිඬුදී පිළිසකරද කෙළෙමි.

’’ශාස්තෘවූ අනොමදස්සී නරශ්‍රේෂ්ඨ තෙම මැනවින් කරණ ලද එම කර්‍මය දැක භික්‍ෂු සංඝයා මැද හිඳ මෙම ගාථාවන් වදාළ සේක.

’’මෙම සුණුකම කරණකොටගෙනද, චිත්තප්‍රණිධිය කරණකොටගෙනද සම්පත් අනුභවකොට දුක් කෙළවර කරන්නේය කියායි.

’’පහන්වූ මුහුණු පැහැ ඇත්තේ වීමි. එකඟවූයේ, සන්සුන්වූයේ, සම්බුදු සසුනෙහි අන්තිම ශරීරය දරමි.

’’මින් නොඅඩුව කප් සියයක් සම්පුර්‍ණවූ කල්හි මහත් බල ඇති සබ්බඝන නම් සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අනුලේපදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

අනුලෙපදායකත්ථෙරස්සාපදානං ඡට්ඨං.