ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

15. ඡත්ත වග්ග

5. උම්මා පුප්ඵිය ථෙරාපදානය

’’ලෝවාසීන්ගේ පූජාවන් පිළිගත්තාවූ නොහොත් පූජාවනට ගෙයක් වැනිවූ ලෝකනාථවූ සිද්‍ධාර්ත්‍ථ භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි මහා සෑ පූජාවක් විය.

’’සිදුහත් බුදුරජුන්ගේ පූජාව පවත්නා කල්හි දියබෙරලිය මල් ගෙන සෑයට පිදීමි.

’’මින් සිව්අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ස්ථූප පූජාවෙහි මේ විපාකයයි.

’’මින් නවවන කපෙහි මහත් බල ඇති සෝමදේව නම්වූ පස් අසූ සක්විති රජකෙනෙක් වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් උම්මා පුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

උමාපුප්ඵියත්ථෙරස්සාපදානං පඤ්චමං.