ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
15. ඡත්ත වග්ග
3. වේදිකාරක ථෙරාපදානය
’’ලෝකනායකවූ පියදස්සී බුදුරජුන් පිරිනිවි කල්හි මම පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ, මුතු වේදිකාවක් කෙළෙමි.
’’මැණික්වලින් පිරිවරකොට උතුම් වේදිකාව කෙළෙමි. මම එම වේදිකාව පිදීමේ උත්සවය කොට එහි කළුරිය කෙළෙමි.
’’(ඒ හේතුවෙන්) දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම් යෝනියක උපදිම්ද, අහසෙහි මිණි දරත්. පුණ්‍ය කර්‍මයාගේ මේ විපාකයයි.
’’මින් එක් දහස් හසියවන කපෙහි මහත් බල ඇති මනිප්පභාස නම් දෙතිස් සක්විති රජ කෙනෙක්වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් වේදිකාරක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
වෙදිකාරකත්ථෙරස්සාපදානං තතියං.