ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
15. ඡත්ත වග්ග
2. ථම්භාරොපක ථෙරාපදානය
’’ධම්මදස්සී බුදුරජුන් පිරිනිවි කල්හි (එම) බුද්‍ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ චෛත්‍යයෙහි ධජස්ථම්බයක් (කොඩියක්) නැංවීමි.
’’ඉණිමගක් සාදවා උතුම් සෑයට නැගුනෙමි. දෑසමන් මල් ගෙන සෑයට පිදීමි.
’’සර්‍වඥ තෙම ආශ්චර්‍ය්‍යයකි. ධර්‍මය ආශ්චර්‍ය්‍යයකි. අපගේ ශාස්තෘ සම්පත්තියද ආශ්චර්‍ය්‍යයකි. (එකී පුණ්‍ය හේතුවෙන්) දුගතියක් නොදනිමි. ථූප පූජාවෙහි මේ විපාකයයි.
’’මින් සිව් අනුවන කපෙහි මහත් බල ඇති ථූප සිඛර නම්වූ සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ථම්භාරොපක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ථම්භාරොපකත්ථෙරස්සාපදානං දුතියං.