ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

14. සොභිත වග්ග

2. සුදස්සන ථෙරාපදානය

’’චින්තා නදී තීරයෙහි පුලිල ගසක් පල ගත්තේ විය. මම එම ගස සොයන්නේ ලෝකනායකවූ බුදුරජාණන් වහන්සේ දුටිමි.

’’එකල්හි මම පිපුණු වැටකේ ගසක් දැක (එම මල්) නටුවෙන් කඩා ලෝකබන්ධූවූ සිඛි බුදුරජාණන් වහන්සේට පිදීමි. (කෙසේදයත්)

’’මහා මුනීන් වහන්ස, බුද්ධ ශ්‍රෙෂ්ඨයන් වහන්ස, (ඔබ) අව්‍යුත නම්වූ අමෘතපද නම් නිවණට යම් නුවණක් කරණකොටගෙන පැමිණියේ වෙහිද, එම නුවණට පුදමි (කියායි.)

’’මම බුදුරජාණන් වහන්සේගේ සර්‍වඥතාඥානයට පුදා (ඉක්බිති) පළොල් ගස දුටිමි. (ඒ පූජා හේතුවෙන්) එම ප්‍රඥාව ලැබුයේ වෙමි. ඤාණ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් තිස් එක්වන කපෙහි යම් මලක් පිදුයෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. ඤාණ පූජාවෙහි මේ විපාකයයි.

’’මින් තෙළෙස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති, පලුග්ගත නම් දොළොස් සක්විති රජ කෙනෙක් විය.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුදස්සන තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

සුදස්සනත්ථෙරස්සාපදානං දුතියං.