ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
13. සෙරෙය්‍ය වග්ග
10. පදුම පූජක ථෙරාපදානය
’’හිමවතට නුදුරු, නා නා වෘක්‍ෂයන්ගෙන් ගැවසීගත්, මහා භූත සමූහයාට වාසස්ථානවූ, ගොතම නම් පර්වතයක් විය.
’’ඒ මධ්‍යයෙහි නිර්මිත කරණ ලද ආශ්‍රමයක් විය. මම ස්වකීය ශිෂ්‍යයන් විසින් පිරිවරණ ලදුයේ අසපුවෙහි වෙසෙමි.
’’මාගේ ශිෂ්‍ය සමූහයෝ පැමිණෙත්වා, මට පියුම් ගෙන එත්වා. විපදෝත්තමවූ තාදී ගුණ ඇති බුදුරජාණන් වහන්සේට පූජා කරන්නෙමු.
’’ඔවුහු ’’එසේය’’ යි මට පිළිවදන් දී, පියුම් ගෙනාවාහුය. එසේම මම (බුදුරජාණන් වහන්සේ) නිමිතිකොට ඒ සර්‍වඥයන් වහන්සේට පිදීමි.
’’එකල්හි ශිෂ්‍යයන් රැස්කරවා මම මනාකොට අනුශාසනා කෙළෙමි. (කෙසේදයත්) ’තෙපි පමා නොවව්. අප්‍රමාදව සුව එලවන්නේ වෙයි’’ (යනුවෙනි.)
’’වනක්‍ෂමවූ එම ශිෂ්‍යයනට මෙසේ අනුශාසනා කොට එකල්හි මම අප්‍රමාදී ගුණයෙහි යෙදුනේ, කළුරිය කළේ වෙමි.
’’මින් එක්අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) අගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’එක් පණස්වන කපෙහි සත්රුවනින් යුත්, මහත් බල ඇති, ජලුත්තම නම් සක්විති රජ කෙනෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පදුම පූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
පදුමපූජකත්ථෙරස්සාපදානං දසමං.
සෙරෙය්‍යවග්ගො තෙරසමො.