ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
13. සෙරෙය්‍ය වග්ග
4. ගන්‍ධොදකිය ථෙරාපදානය
’’පුෂ්ප ඵල පල්ලවයන්ගෙන් බබළන කුඹුක් ගසක් වැනි, මොහඳුරු දුරු කරන්නාවූ, පස් මරුන් දිනූ, විපස්සී බුදුරජාණන් වහන්සේ උතුම් පහයෙහි හිඳ දුටිමි.
’’පහයට නුදුරෙහි බුදුරජාණන් වහන්සේ වැඩම වන කල්හි සූර්‍ය්‍යයාගේ (ප්‍රභාව) මෙන් උන්වහන්සේගේ ප්‍රභාව විහිදෙයි.
’’සුවඳ පැන්ද ගෙන බුද්‍ධ ශ්‍රෙෂ්ඨයන් වහන්සේට ඉස්සෙමි. මම එම චිත්ත ප්‍රසාදයෙන් යුතුව කළුරිය කෙළෙමි.
’’මින් එක් අනූවන කපෙහි යම් සුවඳ පැනක් ඉස්සෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’මින් එක් තිස්වන කපෙහි සත් රුවනින් යුත්, මහත් බල ඇති සුගන්‍ධ නම් සක්විති රජෙක් විය.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් ගන්‍ධොදකිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
ගන්ධොදකියත්ථෙරස්සාපදානං චතුත්ථං.