ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
12. මහා පරිවාර වග්ග
6. චිතකපූජක ථෙරාපදානය
’’මම ඇමතියන් සහිතවූයේ, පිරිවර ජනයා සමග භාග්‍යවතුන් වහන්සේ පිරිනිවි කල්හි පහන් සිත් ඇත්තේ සොම්නස්වූයේ, ඒ සිඛී බුදුරජාණන් වහන්සේගේ චිතකය වෙත ගියෙමි. එහි තූර්‍ය්‍ය වාදනය කරවා සුවඳ මල් ඉස්සෙමි.
’’මම සෑයෙහි පූජාව කොට, චිතකයද වැඳ, පහන් සිත් ඇත්තේ, සොම්නස්වූයේ, ස්වකීය භවනයට එළඹියෙමි.
’’භවනයෙහි හුන්නාවූ මම චිතක පූජාව සිහි කළෙමි. විපදෝත්තමයන් වහන්ස, ලෝක ජ්‍යේෂඨයන් වහන්ස, නරශ්‍රේෂඨයන් වහන්ස, එම කර්‍මය කරණකොටගෙණ
’’දිව්‍ය මනුෂ්‍ය දෙගතියෙහි සම්පත් අනුභවකොට, ජය පරාජය දෙක හැර, නිශ්චල ස්ථානයට (නිවණට) පැමිණියේ වෙමි.
’’මින් එක් තිස්වන කපෙහි යම් පුෂ්ප පූජාවක් කෙළෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. චිතක පූජාවෙහි මේ විපාකයයි.
’’මින් එක්තිස්වන කපෙහි නම්න් උග්ගත නම්වූ මහත් බල ඇති සොළොස් සක්විති රජ කෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් චිතකපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
චිතකපූජකත්ථෙරස්සාපදානං ඡට්ඨං.