ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
12. මහා පරිවාර වග්ග
7. බුද්‍ධසඤ්ඤක ථෙරාපදානය
යම් කලෙක් විපස්සී බුදුරජතෙම ආයු සංස්කාරය අත් හළේද (එකල්හි) සයුරු මෙවුල්කොට ඇති (සයුරෙන් වටවූ) පෘථිවිය කම්පාවිය.
’’දිගු විසල් විසිතුරු මලින් සැරසූ මාගේ භවනයද, තථාගතයන් වහන්සේගේ ආයු සංස්කාරය හරනා කල්හි කම්පනය විය.
’’මාගේ භවනය කම්පාවන කල්හි තැතිගැනීමද ඇතිවිය. (කෙසේද යත්?) භූත විකෘතියක්දෝ, විශාල ආලෝකයක් කුමක් නිසා ඇතිවීදෝ කියායි.
’’වෛශ්‍රවණතෙම මෙහි පැමිණ ප්‍රාණීන්හට බියක් නැත. ශාන්තව එකඟ සිත් ඇත්තෝ වේයයි මහජනයා සන්සිඳවීය. (කෙසේදයත්?)
’’යම් බුදු කෙණෙක් උපදනා කල්හි මහා පෘථිවිය කම්පාවීද, ඒ බුදුරජතෙම ආශ්චර්‍ය්‍යයකි. ධර්‍මයෝද ආශ්චර්‍ය්‍යයහ. අපගේ ශාස්තෘ සම්පත්තියද ආශ්චර්‍ය්‍යයකි කියායි.
’’මම බුදුගුණ පවසා කපක් ස්වර්‍ගයෙහි සතුටුවීමි. සෙසු කල්පයන්හි මා විසින් කුසල් කරණ ලදී.
’’මින් එක් අනූවන කපෙහි වූ එකල්හි යම් සම්බුද්‍ධ සංඥාවක් ලැබූයෙම්ද (ඒ හේතුවෙන්) දුගතියක් නොදනිමි. බුද්‍ධ සංඥාවෙහි (බුදුරජාණන් වහන්සේගේ ගුණ සිහිකිරීම් වශයෙන් සිත්හි ඇදගැනීමෙහි) මේ විපාකයයි.
’’මින් තුදුස්වන කපෙහි මහත් බල ඇති නම්න් සමිත නම්වූ ප්‍රතාපවත් රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බුද්‍ධසඤ්ඤක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
බුද්ධසඤ්ඤකත්ථෙරස්සාපදානං සත්තමං.