ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
7. සකචින්තනිය වග්ග
2. අවොපුප්පිය ථෙරාපදානය
’’(සිඛී බුදුරජ තෙම) විහාරයෙන් නික්ම සක්මනෙහි සිට චතුස්සත්‍ය ප්‍රකාශ කරන්නේ, අමෘත පදය (නිර්‍වාණ ධර්‍මය) දේශනා කරයි.
’’තාදී ගුණ ඇති බුද්ධ ශ්‍රේෂ්ඨයන් වහන්සේගේ හඬ අසා නොයෙක් මල් ගෙනවුත් අහසෙහි විසිරවීමි.
’’විපදොත්තමයන් වහන්ස, ලෝක ජ්‍යෙෂ්ඨයන් වහන්ස, නර ශ්‍රේෂ්ඨයන් වහන්ස, එම කර්‍මය හේතුකොට ගෙන, ජය පරාජය දෙක හැර, නිශ්චල ස්ථානයට (නිවණට) පැමිණියේ වෙමි.
’’මින් එක් තිස්වන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුකොට ගෙන) දුගතියක් නොදනිමි. මල් පූජාවේ මේ විපාකයයි.
’’මින් විසිවන කපෙහි සත් රුවණින් යුත්, මහත් බල ඇති, සුමේධ නම් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් අවොපුප්පිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
අවොපුප්ඵියත්ථෙරස්සාපදානං දුතියං.