ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

6. වීජනි වග්ග

7. පංචදීපක ථෙරාපදානය

’’මම සියලු සත්ත්‍වයන් කෙරෙහි හිතානුකම්පීවූ පදුමුත්තර බුදුරජාණන් වහන්සේගේ සද්ධර්‍මයෙහි මනාව පිහිටා ඎජුවූ දෘෂ්ටි ඇත්තේ වීමි.

’’බෝධිය වටකොට ප්‍රදීප දානයක් බුදුරජාණන් වහන්සේ දුනිමි. (පහන් පූජාවක් කෙළෙමි.) කර්‍ම ඵල අදහසින් පහන් (දැල්වීමි.) කෙළෙමි.

’’මම දිව්‍යවූ හෝ, මනුෂ්‍යවූ හෝ යම් යම් යෝනියක උපදිම්ද, (එවිට ඒ පුණ්‍ය කර්‍ම හේතුවෙන්) අහසෙහි උල්කා දරත්. ප්‍රදීප දානයාගේ මේ විපාකයයි.

’’පර්‍වතද ඉක්මවා බිත්තියෙන් (තාප්පයෙන්) පිටද, ගල් තලාවකින් පිටතද ඇති හාත්පස යොදුන් සියයක් තැනවූ සියල්ල දර්‍ශනය කරමි. (බලමි.)

’’එම කර්‍මයාගේ අවශේෂ විපාකයෙන් ආශ්‍රවක්‍ෂයට පැමිණියේ වෙමි. සර්‍වඥ ශාසනයෙහි අන්තිම ශරීරය දරමි. (අන්තිම ආත්මයයි.)

’’තුන්දහස් සිව්වන කපෙහි ’’සතචක්ඛු’’ යන නමාන නම් ඇති මහා තේජස් ඇති මහත් බල ඇති රජවරු වූහ.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් පංචදීපක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

පඤ්චදීපකත්ථෙරස්සාපදානං සත්තමං.