ඛුද්දකනිකායෙ

ථෙරාපදානය

(පඨමො භාගො)

20. තමාල පුප්ඵිය වග්ග

8. මුට්ඨිපූජක ථෙරාපදානය

’’පස්මරුන් දිනූ ලොක ජ්‍යෙෂ්ඨවූ, නරශ්‍රේෂ්ඨවූ සුමෙධ නම් භගවත් තෙමේ පච්ඡිම ජනානුකම්පාවෙන් වීර්‍ය්‍ය වැඩූ සේක.

’’විපදෝත්තමවූ, තාදී ගුණ ඇති, සක්මන් කරන්නාවූ ඒ බුදුරජුන්ගේ පර්‍වත ගුහාවට මල් මිටක් පිදීමි.

’’එම චිත්ත ප්‍රසාදය කරණකොට ගෙන කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ මම කප් තිස් දහසක් මුළුල්ලෙහි දුගතියක නොඉපදුනිමි.

’’දෙදහස් තුන්සියවන කපෙහි සත්රුවනින් යුත් මහත් බල ඇති එක් සුනෙල නම් සක්විති රජෙක් වීමි.

’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් මුට්ඨිපූජක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’

මුට්ඨිපූජකත්ථෙරස්සාපදානං අට්ඨමං.