ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
9. තිමිරපුප්ඵිය වග්ග
1. තිමිරපුප්ඵිය ථෙරාපදානය
’’මම චන්‍ද්‍රභාගා ගංගා තීරයෙහි අනුසොතයට ගඟ බැස යන අතට තැන් තැන්වල ලැගුම් ගනිමින් යමි. (එකල්හි) වැඩහුන් සන්සිඳුවන ලද පව් ඇති පැහැදුනු නොකැළඹුනු සිත් ඇති බුදුරජුන් දැක,
’’එකල්හි මම එහි සිත පහදවා මෙසේ සිතීමි. මේ (සර්‍වඥ තෙම) දමනයවූයේ (සෙස්සන්ද) දමනය කරවූයේය.
’’එසේම තෙමේ (සන්සිඳුනේ) සෙස්සන්ද සන්සිඳුවන්නේය. (තෙමේ) ශාන්තවූයේ (සෙස්සන්ද) ශාන්ත කරවන්නේය. තෙමේ මිදුනේ (සෙස්සන්ද) මුදවන්නේය. (තෙමේ) නිවුනේ (සෙස්සන්ද) නිවණට පමුණුවන්නේය කියායි.
’’මම මෙසේ සිතා සිද්‍ධාර්ත්‍ථ බුදුරජාණන් වහන්සේ තිමිර මල් (නිල් රැස් විහිදී වනය අඳුරු වූවාක් මෙන් කරණ මල් වර්‍ගයක්) බුදුරජාණන් වහන්සේගේ මත්තෙහි (උඩ) විසිරවීමි.
’’ඇඳලි බැඳ පැදකුණුකොට බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී පාදයන් වැඳ බටහිර දිගට ගියෙමි.
’’ගිය නොබෝ වේලාවකින් සිංහයෙක් මා පෙළීය. ප්‍රපාතයකට අනුව යන්නේ මම එහිම වටුනෙමි.
’’මින් සිව් අනූවන කපෙහි යම් මල් පූජාවක් කෙළෙම්ද, (ඒ හේතුවෙන්) දුගතියක් නොදනියි. බුද්‍ධ පූජාවෙහි මේ විපාකයයි.
’’සපණස්වන කපෙහි මහත් යසස් ඇති සත් රුවනින් යුත්, මහත් බල ඇති, සක්විති රජවරු සත්දෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් තිමිරපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
තිමිරපුප්ඵියත්ථෙරස්සාපදානං පඨමං.