ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
8. නාගසමාල වග්ග
7. සුචිදායක ථෙරාපදානය
’’තිස් දහස්වන කපෙහි උතුම් දෙතිස් මහ පුරිස් ලකුණු ඇති නම්න් සුමේධ නම්වූ ලෝක නායකවූ බුදුරජාණන් වහන්සේ ලොව පහළවූ සේක.
’’තාදී ගුණ ඇති, ස්වර්‍ණවර්‍ණවූ, විපදොත්තමවූ ඒ බුදුරජාණන් වහන්සේට සිව්රු මසනු පිණිස මා විසින් හිඳි (කටු) පසක් දෙන ලදී.
’’එම හිඳි දන කරණකොට ගෙනම දක්‍ෂ ලෙස අදහස් දක්නා සුළුවූ, තියුණුවූ, සියුම්වූ, පහසුවූ නුවණක් මට උපදින්නේය.
’’මාගේ කෙළෙස් දවන ලදී. සියලු භවයෝ නසන ලදහ. සම්බුදු සසුනෙහි පශ්චිම ශරීරය දරමි.
’’සත් රුවනින් යුත් මහත් බල ඇති දීපදාධිපති නම්වූ සිව් රජ කෙනෙක් වූහ.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සුචිදායක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
සූචිදායකත්ථෙරස්සාපදානං සත්තමං.