ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
20. තමාල පුප්ඵිය වග්ග
10. සූථිකාපුප්ඵිය ථෙරාපදානය
’’ලෝකයාගේ පූජාවන් පිළිගන්නාවූ, මරුන් ජයගත්, පසැස් ඇති පදුමුත්තර බුදුරජතෙම වනයෙන් නික්ම විහාරයට වඩින සේක.
’’උතුම් සීනිද්ද මල් දෝතින් ගෙන මෙත් සිත් ඇති, තාදී ගුණ යුත් බුදුරජුන්හට පිදීමි.
’’එම චිත්තප්‍රසාදයෙන් සම්පත් අනුභවකොට මම කල්ප ලක්‍ෂයක් මුළුල්ලෙහි දුගතියක් නොදනිමි.
’’මින් පණස්වෙනි කපෙහි මහත් බල ඇති ජනාධිපතිවූ සවිත්තනන්‍දන නම් එක් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් සූථිකාපුප්ඵිය තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
යූථිකපුප්ඵියත්ථෙරස්සාපදානං දසමං.
තමාලපුප්ඵියවග්ගො වීසතිමො.
භික්ඛාවග්ගදසකං.
වීතිය ශතකය සමාප්තයි.