ඛුද්දකනිකායෙ
ථෙරාපදානය
(පඨමො භාගො)
19. කුටජපුප්ඵිය වග්ග
6. බොධි උපට්ඨාක ථෙරාපදානය
’’(මම) අමරවතී නගරයෙහි මිහිඟු බෙර වයන්නෙක් වීමි. මම උතුම් බෝධිය වෙතට ගියේ නිතර උවටැනෙහි යෙදුනේ වෙමි.
’’උදය සවස එළඹ (උවටැන්කොට) එම කුශල මූලයෙන් මෙහෙයන ලදුයේ එක්දහස් අටසිය කපක් මම දුගතියකට නොපැමිණියෙමි.
’’මින් එක් දහස් පන්සිය කපෙහි ජනාධිපතිවූ මහත් බල ඇති මුරජ නම් සක්විති රජෙක් වීමි.
’’මේ සිව් පිළිසිඹියාවෝද, අෂ්ට විමොක්‍ෂයෝද, ෂඩභිඥාවෝද සාක්‍ෂාත් කරණ ලදී. බුදුරජාණන් වහන්සේගේ සසුනද කරණලදී. මෙහි මේ අයුරින් ආයුෂ්මත් බොධි උපට්ඨාක තෙරුන් වහන්සේ මෙම ගාථාවන් වදාළ සේක.’’
බොධිඋපට්ඨාකත්ථෙරස්සාපදානං ඡට්ඨං.